Tuesday, 21 August 2012

තෙලිගමුඔය සහ පලා පොලොන්ගුන් සමග නිදාගැනීම

දිනය:- 11 අගොස්තු 2012
බ්ර්ර්ර්ර්ර්ක්... බ්ර්ර්ර්ර්ක්, ජංගමයේ සුපුරුදු දෙදරීම මගේ කුම්බකර්ණ නිදිමත කැඩීමට තරම් ප්‍රමානවත් විය. ඇමතුම විමූගෙනි.
''මොකද බං? "
"පාලි අයියා ලබන සතියේ හයික් එකක් යන්න එන්න කිව්වා බං"

"එලනේ, කොහෙද බං"
"තෙල්ගමු ඔය පැත්තේ...."
"යමන්"

...........................................................

දිනය:- 17 අගෝස්තු 2012
වෙලාව උදේ 7යි,
 කට්ටියම නුවර ඔරලෝසුකනුව ගාවට සෙට් වෙන්න හිටියේ. පාලි අයියා පමනක් මාතලෙන් එකතු වෙනවා කියලා කලින්ම කියලා තිබ්බා. කට්ටියම කිව්වට අපි තුන් දෙනෙක් විතරයි ඈ..
ඔන්න කොහොමින් කොහොමහරි මාතලේ බස් එකට නැගලා බස් එක යනකම් අපි බලාගෙන හිටිය කියමුකෝ.. එදා කූඩාරම ගේන්න තිබ්බේ විමූට. කොහොමහරි මනුස්සයා ගාව ඒක තිබ්බේ නෑ.. පාලි අයියා ඒක අරගෙන ඒයි කියලා හිතුන නිසා මම අහන්න ගියෙත් නෑ. ඔමල්කයා එකපාරටම විමූගෙන්, කෝ බං ටෙන්ට් එක කියලා ඇහුවා. හුටා... අමතක උනනේ බං, අපිට දැං මූව දියකරලා බොන්න තරම් කේන්තියි, ඇයි යකෝ, ටෙන්ට් එකක් නැතිව හයික් යන්න පුලුවනැයි? දැන් වෙන මොනවා කරන්නද, විමූටත් බැන බැන ටෙන්ට් එක ගේන්න උගෙ ගෙදර යන්න මඩවල බස් එකකට නැංගා. කොහොමහරි උගේ ගෙදර ගිහින් ටෙන්ට් එකත් උස්සගෙන ක‍ටුගස්තොටට ආවා. වෙලාව 8යි, අපි මාතලේට යන්න හිතාගෙන හිටියෙ 8ට. අලි මදිවට හරක් කියලා පාලි අයියාගෙන් ඇමතුමකුත් ආවා.. මේ එනගමන් කියලා ඒකෙන් මාරුවුන අපි ආපු පොලොන්නරුව බස් එකේ එල්ලුනා... හම්මේ අපරාදේ කියන්න බෑ, බස් එක 8.45 විතර වෙද්දි මාතලේ. මාතලෙන් බැස්ස අපි ඉක්මනටම පාලි අයියව හොයාගත්තා.
මොනවද බං කරන්නේ? බස් එක 8.30ට ගියා, අනිත් එක එන්නේ 3.30ට,

 මල කෙලියයි, දැන් මොකද කරන්නේ?

ඉතිරිටික පසුවට..............

No comments:

Post a Comment